Lyrics
ඇස් පියන් අතර දඟ කරන රූපේ ඔබමයි තමා
ගිනි අරන් තැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා
පිච්චිලා අළුවෙලා හිත මගේ මියැදිලා
ගියපු දෙන් ඔබ පතා ඉන්නවා
(රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මා ඔබයි
වැරදි තීරණ අරන් තැවෙනවා)//
(මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා
ඔබෙන් වෙන් වීලා ගිය දුර ඈත හදවත වැලපෙනවා)//
වැඳ වැටෙන පාමුල කීවත් නෑ තේරුනේ
වැටහුනේ කල් ගිහින් පවු කියා හිතෙනවා
රණ්ඩු වී වෙන් වුනේ....
(මා දුන් වේදනා උහුලන් ඔයා ආදරේ කලා
හිතක් රිදවාලා පවක් කෙරුවාට සමාව අයදිනවා)//
විඳවනා හිතින් හැමදාම තවත් මම හඬනවා
වෙන් වුනේ ඇයි කියා ලොකු දුකක් දැනෙනවා
ඇස් පියන් අතර දඟ කරන....
රණ්ඩු වී වෙන් වුනේ....///