ඇස්‌ දෙක වාගේ හිටියaes dheka waagee hitiya

As Deka Waage Hitiya

Lyrics

(ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා 
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ...//)

(පෙම් ලෝකයේ කොතරම් 
අවහිර බාධා තිබුණත්...//)
(එක හිත ඇත්නම් බැහැ 
වෙන් කරන්න හීනෙන්වත්...//)
(ඔයාගේ නම රැඳුනේ 
මගෙ මේ තොල් අතර නොවේ...//)
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ

(ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී...//)
(එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි...//)
(ආවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්...//)
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නෙ ළඟට ඇවිත්

ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.