ඇස් දෙක පුරාමaes dheka puraama

As Deka Purama

Music:
ජයසිරි අමරසේකරjayasiri amaraseekara
Lyrics:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

Lyrics

ඇස් දෙක පුරාම ඔය රුව තියාන
සත්තකින්ම මම පෙම් කලා
හිමි නැති ඔයාව මගේ යැයි හිතාන
තව තවත් මම පෙම් කළා
විඳවන්න මට මේ තරම්
ළං වෙලා වෙන් වුණේ ඇයි රත්තරන්

දුප්පත් මගේ හිත ඔබ රිදවනකොට
හිත වටකොට තනිකම රැදිලා
ඔබේ දයාබර සිනා අහිමි මම
වෙන්ව ගියේ කඳළක් කැන්දා
ඔබේ සුරත මගෙමයි කියලා
මැවු සෙනෙහෙ අද වින්දා

ඇස් දෙක පුරාම ....

අපේ ආදරේ නෑ ඉටුවෙන්නේ
ආදරේකට කිසිදා ඉඩ නෑනේ
මා දුටු සිහිනේ ඔබම තියාලා
ඉන්නම් මම මගේ හිත රවටා
ඔබේ සුරත මගෙමයි කියලා
මැවු සෙනෙහෙ අද වින්දා

ඇස් දෙක පුරාම ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.