ඇස් දෙක පියානaes dheka piyaana

As Deka Piyana

Album
Maime Indan, Vol. 1

Lyrics

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
බෑ බෑ මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ

සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ

රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
කන්පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
අනිත් අයට එය ඇසෙන නිසා
අනේ රත්තරන් හිතට වද නොදී
තුරුළු වෙන්න ආදරෙයි කියා
මට කියන්න දේවල් හුඟක් තියෙනවා
තුරුළු කරන් ආදරෙයි කියා

ඇස් දෙක පියාන...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.