ඇස් දෙක පල්ලා (සුදු නෝනා 2)aes dheka pallaa (sudhu noonaa 2)

As Deka Palla (Sudu Nona 2)

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා 
ගියදා සිට වෙනතක් බලා 
මේ වන තුරු මා ආදරෙ කරලා 
නෑ වෙන හිතකට ළංවෙලා 

පය පෑගෙන දූවිල්ලක් ලෙසවත් 
අනුකම්පාවක් තියනවනම්
ඇමතුමක් මට දෙන්න ඔබ මගෙ අංකෙ අමතාලා 

(සමාවෙන්න සුදු මැණිකේ
නිදන් කරලා මතක අපේ 
ඔබ වගේ තව කෙනෙකු කෙරේ 
යන්න බෑ කරුමෙට මගේ...//)

එක් වීමෙන් අපි දෙන්නාගේ 
අවසානේ මා වෙත ලැබුණේ 
දැවෙනා විරහවේ දුකමයි හැමවෙලේ

පය පෑගෙන දූවිල්ලක්...
සමාවෙන්න සුදු මැණිකේ....//

සංසාරේ පහුගිය භවයේ 
හමුවීලා ඔබ අද වාගේ 
රිදවා හිත මගේ යන්නැතී හිතුමතේ 

පය පෑගෙන දූවිල්ලක්...
සමාවෙන්න සුදු මැණිකේ....// 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.