Lyrics
ඇස් අඬවලා ඔබ රෑ පුරා
මගෙ ජීවිතේ අඳුරේ දමා
නොපෙනී ගියත් ඔබ සැඟවිලා
අමතක නොවෙයි ආදරෙ නිසා
ඇස් අඬවලා
සුසුම් තවරමින් හදට ලංවී ආදරෙන් කිව් කාරනා
මුනගැහුනු දා මගේ සිත ඔබ මටත් නොදැනීම ගෙන ගියා
පුංචි ඇස් දෙක මතක් වෙද්දී සිතට දැනෙනවා ව්දනා
රත්තරං ඔබ කොහෙ හිටියත් එන්න ආපසු මා සොයා
හිස තබාගෙන උරහිස මගෙ සුවය වින්දා ආදරේ
කඳුළු තවරා මගේ ඇස් වල දුන්නු විරහවේ දුක් ගිනී
අතීතය සිහිනයක් විතරයි ඔයා වෙන්වී ගිය දිනේ
රත්තරං ඔබ මගේ හදවතේ තාම ඉන්නවා වගෙ දැනේ
ඇස් අඬවලා ....