අරුණු රැසක් රැසක්arunu raesak raesak

Arunu Resak Resak

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
ඩබ්ලිව් එම් ටී බණ්ඩාරdabliw em tii bandaara

Lyrics

අරුණු රැසක් රැසක් රැසක් 
රන් තරුවක් රුවක් රුවක් 
රිදී ලොවක් ලොවක් ලොවක් 
උදාවුනා උදාවුනා.... 
ඒ උදාර උදානයෙන් 
දසත පිබිදුනා දසත පිබිදුනා.... 

කුසුම් රොන් බරින් සැරසී 
තුරු ලතා තුළින් ඉපිලී..... 
රජත කිරණ ධාරාවෙන් 
සිනා මවනවා සිනා මවනවා.... 

සාර බිමක් සාර දැයක් 
සාර හාර නිධානයක් 
ඔබේ රුවන් රැස් අතරේ 
රැඳී දිළෙනවා රැඳී දිළෙනවා.... 

තේජ වීර ගුණ වගුරා 
පොළෝ තලය පණ ගන්වා ... 
නවෝදයේ රන් මාවත 
ළඟා කරනවා ළඟා කරනවා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.