Lyrics
(අරන් යන්න ආශිර්වාදේ නුඹේ සතුට හැමදා ඕනේ
කියාදෙන්න නෑ මම දන්නේ කොහොමද මා අමතක කෙරුවේ.....//)
නැතිමුත් මට කාසි පනම් යහමින් උරුමෙන් ලැබිලා
අවංක මගේ නොවෙනස් සිත එක ලෙස නුඹවම පැතුවා.....
මේ ගලන කඳුළින් දවාලා මතකේ අපේ
රෑ පුරා පාරයි කී කතා දෙනෙත මාගේ
මේ ලොවේ කව්රුවත් නෑ ඉතින්
මං තරම් ආදරේ කළ කෙනෙක්.....
නැතිමුත් මට කාසි පනම් යහමින් උරුමෙන් ලැබිලා
අවංක මගේ නොවෙනස් සිත එක ලෙස නුඹවම පැතුවා.....
අපි සොයා ආවත් බාධා නොයෙක් දිවියේ
නොවෙනස්ව ඉන්නේ ටික දෙනයි ප්‍රාණේ වගේ
නුඹ ළඟින් ආයෙමත් ආදරෙන්
මට ඉන්න ආසයි එක වරක්......
නැතිමුත් මට කාසි පනම් යහමින් උරුමෙන් ලැබිලා
අවංක මගේ නොවෙනස් සිත එක ලෙස නුඹවම පැතුවා.....
අරන් යන්න ආශිර්වාදේ.....