අරලිය ලන්දටaraliya landhata

Araliya Landata

Lyrics

අරලිය ලන්දට – සඳ පායන කොට
තුරුලිය මල් වට – බඹරු බමන විට
සිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
ගී පද ලියැවෙනවා…

රඹවන් හේනේ – කරල් පැසෙන කොට
අඹ මල් ගානේ – ගිරව් හඬන විට
දොඹ තුරු මානේ – සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා – එතකොට
සි ති විලි ඉගිලෙනවා…

අරලිය ලන්දට…//

දඬු‍වැල් බෑ මී – සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ – තරු පායන විට
හැඬුමට නොහැකිව – දෙඇස වසන මට
ඔබ ගැන සිහි‍වෙනවා – එතකොට
සි හි නය උපදිනවා….

අරලිය ලන්දට…//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.