ආරාධනා සංසාරයේaaraadhhanaa sansaarayee

Aradhana Sansaraye

Music:
එම්. කේ. රොක්සාමිem. kee. roksaami
Lyrics:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

Lyrics

චිත්‍රපටය: නීලා (1977)

ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා මා ආ දිනේ
පෙම් ප්‍රාර්ථනා මේ රාත්‍රියේ ඉටුවී තිබේ හද ආදරේ

අනුරාග නයනීය හද මාළිගේ
ඔබෙ ශෘංගාර පෙම් ගීතෙ බැල්මේ තිබේ
පූජා ගෙනේ සිහින දේවාලයේ
අප පෙම් සිහින නුරාවී පැතිරී ගියේ

ගිම්හාන පෙම් යෝග පවනේ සැළී
ඇත මල් රේණු මකරන්ද සිරුරේ එතී
ඔබගේ සුසුම් රැල්ල සුවදින් පිරේ
යයි අනුරාග හද මාගෙ සඳ මී දිදී

ඔබ මාගෙ නළලේහි තිලකේ වැනි
දැන් නුඹ පාද පරිචාරිකා මම වෙමී
කිසිදාක නොම වින්ද සුවයක් දැනී
මගෙ මුළු ජීවිතේ මිහිරි ගීයක් මෙනී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.