සතුට රැගෙන යලි වඩින්න ආරාධනාsathuta raegena yali wadinna aaraadhhanaa

Aradhana

Lyrics

ආරාධනා... ආරාධනා...
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...

නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා... ආරාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා
ආරාධනා... ආරාධනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.