Lyrics
ආරාධනා...ආරාධනා...
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...ආරාධනා...
නෙළු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ.. කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා...ආරාධනා...
එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ... යළිඳු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා...ආරාධනා...