අරාබියaraabiya

Arabiya

Music:
ඩැඩීdaedii

Lyrics

මගේ නම ගයාන් 
අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ උනාට
මේ ලඟදි දවසක 
රුවැති යුවතියක් පැමිණියා...
ඇත්තම කියනව නම් 
ඇගේ ඇස් ඒ හිනාව ඒ කතාව 
මගේ හදේ තදින්ම දැවටිලා
ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් 
මම මොන වැඩේ කරන්න හැදුවත්
මගේ මතකයට එන ඇය 
මගේ හිතට දැන් නම් වදයක් වෙලා

ඉතින් නුඹ.. ඉතින් නුඹ.. ඉතින් නුඹ.. 
ඇයට කැමති නම් 
සිතින් නුඹ දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
මගෙ දිවියේ මෙතෙක් නොදුටූ
අමුතු සොඳුරු රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා
තවත් ඉන්න බෑ ඇය දෙස බලන්

මම ශමිල මං මෙයාගෙ හොඳ ‍ෆිට් එකක් 
මම හැම තිස්සෙම කියන්නෙ උඹ ඔහොම හිටියොත්
වෙන ග්‍රහයෙක් ඇවිත් 
ඇගේ සිත අරන් යනවාමයි
අනිත් එක උඹට ඔය ඇසුයි කනුයි නහය වලුයි 
හිතේ දැව‍ටුනා කිව්වට
මට නම් කිසීම දෙයක් දැව‍ටුන්නෑ
උඹට කෙල්ලෙක් ඕනෑම නම් හොයල දෙන්නම්කො
අන්තිමේදි කොහොම කොහොම හරි ඔය කෙල්ල 
උඹට කෙසේ වෙතත් අපිට නම් 
මාර වදයක් වෙන බව මට ශුවර්
උඹලගේ තාත්ත කියනව වගේ 
පොතක් පතක් අරන් දැන්වත් හැදියන්

ඉතින් මට මගේ සිත වෙනස් කරගන්නට බැරි නම්
සිතින් මම දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
මගෙ දිවියේ මෙතෙක් නොදුටූ අමුතු සොඳුරු 
රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා 
ත ත ත ත තවත් ඉන්න බෑ ඇය දෙස බලන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.