අර බලන්න හරි ලස්සනara balanna hari lassana

Ara Balanna Hari Lassana

Lyrics

අර බලන්න හරි ලස්සන කුරුලු ලෝකයක්
පාට පාට අත් සල සල සතුටු සාදයක්
තුඩින් තුඩට ගී ගයමින් පළතුරු රස කර කන හැටි
බලන් ඉන්න ආස හිතෙන පුදුම සමගියක්...//

අත්තක මල් පිපිලා වගෙයි 
රොත්තම එක ළඟට වෙලා//
ගයන ගීත හරි මිහිරියි
හිත සනසනවා...//

අර බලන්න...

පුංචි අපිත් එකතු වුණොත්
වාද භේද අතහැර දා
කොච්වර ලස්සන වේවිද 
අපේ ලෝකයත්...//

අර බලන්න...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.