අප්සරාවිapsaraawi

Apsaravi

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
දසුන් තාරකdhasun thaaraka

Lyrics

සිනහා රැල්ලක් දමා මා සිත උමතු කළා
මේ හිත ඔබගේ මායාවට ඇන්දිලා
වශි වෙන ඇස් බලා එදා ඔබ ගස්සා ගියා
ඔබ අද මාගේ හිතේහි ඔච්චම් කරලා
අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ
හැමදාමත් වගේ ජීවිතේ පුරා
අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ
හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා.....

එදා ඔබ කී පෙම් කතා නිසා මගේ හුස්ම නතර වෙලා
සිහිනෙන් පවා ඔබේ රුව හැමදා දුටුවා
(ඔබේ නම හිත ළඟ නතර වෙලා....//)
අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ
හැමදාමත් වගේ ජීවිතේ පුරා
අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ
හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා.....

හමුවන්න ඔබ පැමිණිදා කාලය නොදැනීම ගතවුණා
දිව්රා රැකගන්නම් හැමදා ඔබව මා
(ඔබේ නම හිත ළඟ නතර වෙලා....//)
අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ
හැමදාමත් වගේ ජීවිතේ පුරා
අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ
හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.