අප්පච්චිට මං විතරක්appachchita man witharak

Appachchita Man Witharak

Music:
ඩී එන් ඒdii en ee
Lyrics:
හර්ෂ රත්නතිලකharsha rathnathilaka

Lyrics

අප්පච්චිට මං විතරක් බරක් වුණාද‍
මං හින්දා අපේ ගෙදරට අපලේ වෙලාද
අප්පච්චිලා කතා නැත්තේ තරහා වෙලාද
පුංචි කාලේ මහණ කෙරුවේ එපා වෙලාද
මං පුංචි කාලේ මහණ කෙරුවේ එපා වෙලාද.......

මට නම් බැහැ අපේ ගෙදර දිහා බලන්න
පිඬු සිඟන්න ගම්මැද්දේගේ බැහැනේ වඩින්න
අම්මා ආයේ සාධු කියා මටත් වඳින්නේ
මටත් ඇඬෙයි අම්මාටත් වෙයිනේ අඬන්න.......

අප්පච්චියේ නංගී මතක් වෙනවා කියන්න
හොඳින් ඉගෙන ගන්න කියලා කිව්වා කියන්න
මගේ පාඩම් පොත් ටික අරගන්න කියන්න
අයියා තරහා නෑ නංගීට එන්න කියන්න.......

මා දන් දී ලැබුවා නම් පිනක් පිරෙන්න
අප්පච්චිට හැකිවේවා නිවන් දකින්න
මට පුළුවනි සංසාරෙන් එතෙර කරන්න
අප්පච්චියේ ඇවිත් මාව බලලා යන්න......

අප්පච්චිට මං විතරක්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.