අප්පච්චී (සියක් උල්පත්)appachchii (siyak ulpath)

Appachchi (Siyak Ulpath)

Lyrics

සියක් උල්පත් මවා දී 
නිසලවම හිදිනා 
නමක් නැති මහා කන්ද ඔබ 
අප්පච්චී..... අප්පච්චී........

ඔබෙන් දිය ලැබ සාර වූ 
තුරුණු කෙත් වතු දෙස බලා 
නොපෙනෙනා තරමින් සිනාසී 
නිසලවම හිදිනා 
අප්පච්චී..... අප්පච්චී........

මෙහෙවරට ආවෙයි සිතා 
වෙහෙස නොබලා වෙහෙසෙනා 
තෙත් ගුණය මෙත් ගුණය සඟවා 
අකම්පිත වත පා......
අප්පච්චී..... අප්පච්චී........

සියක් උල්පත් මවා දී .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.