Lyrics
පුංචි සන්දියේ මගේ අත අල්ලන් ඇවිදපු හැටි තව මට මතකයි
මට බැරි දවසේ උඹේ අත වෙනුවට දුන්නේ මේ හැරමිටියයි
දැන් උඹ මහ ලොකු ඉලන්දාරියෙක් ඒ ගැන මට හරි සතුටුයි
මගේ පුතේ මං වැඩිහිට නිවසේ තනි වුණ උඹේ අප්පච්චි......
උදේ හවා තෙරුවන් සිහි කර කර ඉල්ලන්නේම නුඹේ සතුටයි
අම්මත් නැතිදා නුඹ හැදුවේ මං නොකා නොබී දුක් විඳලයි
හිත උතුරන දරු සෙනෙහස හින්දා මං ඉහිලුව දුක් බොහෝමයි
මටත් වඩා ඒ ගැන දන්නේ නම් පුතේ උඹේ ඔය හිතමයි......
මියැදෙන්නට පෙර දැකගන්නට උඹ හිතේ හදිස්සිය එමටයි
මියැදින් යන්නට පුළුවන් නම් එය මා ලබනා බුදු නිවනයි
තැනින් තැන විටී දුක් විඳ විඳ මං ගෙවා ආ කාලය ඉවරයි
අවසානේදී මට නිවහන වූයේ සරණ වැඩිහිටි නිවසයි.....
පුංචි සන්දියේ.....