අපි යමු හමුවෙමුapi yamu hamuwemu

Api Yamu Hamuwemu

Lyrics

අපි යමු හමුවෙමු
අපි යමු හමුවෙමු නිසසල පෙදෙසක
පෙම්බස් අමුනමු මුතුමෙන් විලසට
නංවමු පවුරක් නොසැලෙන විලසට
හඹා ඇදෙන්නේ බාධක හැම බිඳ //

මාගේ සෙනෙහස දෙමාපියන් මැද
ලදිමි අවසරයෙන් හිදිමි ඔබේ ලඟ
එනමුදු දහසක් නෙත ගැටෙනා තැන
දොඩා නොයිමු අප අපේ සිරිත් වෙත //

අපි යමු හමුවෙමු .......

දෑගිලි පටලා එක්වෙන තුරු අප
දෙමාපියන් හද පාරා නොම ඉඳ
මිනිසුන් නපුරුයි පෙම් ගඟුලක් මැද
ලෝකය ගැන දැන දෙපා නගමු අප //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.