අපි යලිත් නැගෙමුapi yalith naegemu

Api Yalith Nagemu

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
රේරූreeruu

Lyrics

ජාතියේ එක පවුරක් සේ බැඳී 
එක්වෙමු එක පවුලක් වී අපි 
සාගරේ මැද තනිවී හා ගිලී 
ලක් මවුනි නුඹ හැඬුවා දැන් ඇතී 

අපි දෑස් අරිමු අපි යලිත් නැගෙමු
හෙට මේ රට නුඹේ මගේ 
තුන් බියෙන් පෙළුණු යුග නිමා කරමු
එක සේසත යට නිදහසේ 

වෙඩි හඬ මැද උපත ලැබූ පරපුර අපි දුක් විඳපු 
මැදිවියේ නිදහස දිනපූ අද කෝ නිදහස ලබපූ   
 
අපි දෑස් අරිමු අපි යලිත් නැගෙමු....

විජයග්‍රහණය සමරා දියුණුව වෙත රට හරවා 
මංමාවත් ඉදි කරවා සුභ සිහිනය අපි දුටුවා 
එය දෑසින් අපි දුටුවා ඒ සිහිනය බොඳ කෙරුවා 

යුග තුනකට ගිනි ඇවිලූ යුධ ගිනි දෙවිවරු නිවපූ 
යළි ඇවිලෙන්නට ඇරපු වැරදුනු තැන අපි හෙට හදමූ 
ලක් මවුනි නුඹ හැඬුවා දැන් ඇතී 
  
අපි දෑස් අරිමු අපි යලිත් නැගෙමු....
ජාතියේ එක පවුරක් සේ බැඳී.... 
අපි දෑස් අරිමු අපි යලිත් නැගෙමු....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.