අපි වෙනම හඬමු දෙතැනකට වෙලාapi wenama handamu dhethaenakata welaa

Api Wenama Handamu Dethanakata Wela

Lyrics

අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නෙතු පිරි දුක ලිහී සිත නිවී යන තුරා
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා

නුඹ හෙලන කඳුළු මුතුකැට අහුලා
එක පොටකට අමුණා
නුඹේ දෙගුරුන් පරලා
සතුටු වෙනු බලා
අපි එකට හිනා වෙමු දුක සඟවා
ඇතිවෙන තුරා

අපි වෙනම හඬමු ....

මා තනිව හෙලන සුසුමන් අතුරා
සුව යහනක් සදලා
අප දෙගුරුන් සතපා
ඉසිඹුලනු බලා
අපි එකට හිනා වෙමු දුක සඟවා
ඇතිවෙන තුරා

අපි වෙනම හඬමු ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.