අපි රාග වයනවාapi raaga wayanawaa

Api Raga Wayanawa

Album
Clarence Sihiwatana 5
Music:
රුක්ෂාන් කරුණානායකrukshaan karunaanaayaka
Lyrics:
භද්‍රජි මහින්ද ජයතිලකbhadhraji mahindha jayathilaka

Lyrics

අපි රාග වයනවා අපි බයිලා නටනවා 
හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා 
දනුත් බෙදනවා මස් මාළුත් කනවා 
බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා.....//

මිනිස්සු නේ අපි මිනිස්සු නේ 
(දෙව් විමන් වලින් බැහැලා 
සිව් දිගන්තයේ නෙකලා 
අපි අවේ නැහැනේ//)

අපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා 
වරදක් තේරුණාම හිසත් නමනවා 
අපි සැපත් විඳිනවා සමහරු දුකත් විඳිනවා  
ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා.... 

මිනිස්සු නේ...

අපි ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා 
අඳුරේ වැටුණ වලේ දවල් වැටෙනවා 
අපි කණුත් තියෙනවා හිතුනම ලණුත් අදිනවා 
බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා.... 

මිනිස්සු නේ අපි මිනිස්සු නේ 
(ඉරයි හඳයි පායන්නේ 
අපේ ලෝකේ පවතින්නේ 
එවන් මිනිස් හැඟුම් නිසානේ......//) 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.