අපි ඔක්කොම රජවරුapi okkoma rajawaru

Api Okkoma Rajawaru

Album
Samaru Liya Wal
Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ 
තුන් සිංහලයම නෑදෑයෝ 
අපි ඔක්කොම මව්වරුඔක්කොම  පියවරු 
තුන් සිංහලයම දූ දරුවෝ...//

ජය දද බන්දා සිරිදුව  කැන්දා//
රුපු සෙන් ඔද තෙද බින්දා 
හර අරවින්දා කර සිරි නන්දා//
පරගැති සිත ගත බින්දා...//

අපි ඔක්කොම රජවරු…

හිත් මල් පිපුණා හසරැල් නැගුණා//
හද සෝ ගිනිදැල් නිවුණා 
නෙතුකැන් දිලුණා සිතුවැල් බැඳුණා//
ජය මංගල ගී ගැයුණා...//

අපි ඔක්කොම රජවරු…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.