අපි දෙන්නා පොකුණයි පියුමයිapi dhennaa pokunayi piyumayi

Api Denna Pokunai Piyumai

Lyrics

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ..
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ..
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි...
සුභ සැන්දෑවක් වේවා... //

වැලි අහුර කන්දක් කියාලා
දිය බිඳුන ගඟකැයි සිතාලා
මල් අත්තේ කටුවක් සොයාලා
ලතවෙන්න සිදුවෙයි කිපීලා... //

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ... /

සඳ මඬලේ සා ලපය ඇතිදෝ
මද දිගට සම සමව ඇතිදෝ
මෙය ඔබට තෝරන්න බැරිදෝ
අප දෙන්නා මැද ඉන්නේ කවුදෝ... //

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.