අපි අපේමයිapi apeemayi

Api Apemai

Music:
ගයාන් රෑන්ඩ් පෙරේරාgayaan raend pereeraa
Lyrics:
ජගත් කරුණාජීවjagath karunaajiiwa

Lyrics

මුහුණට මගේ ඔබ එබී එබී රෑ 
සුසුමකින් නොකියා කියා මා සැනසුවා......
හදවත පවා පණ ගැහි ගැහි උන්නා
ඔබ ඔබේ කඳුලින් තෙමා මා හැර ගියා.......

ඇහිපයල්ලක් තරම් සෙනේ
ඔබෙන් මා පැතු 
හිත රිදෙව්වාට ඔබ මගෙයි 
ඔබ මගෙයි රත්තරන්
මගේ පණ ඔයා.......

සුසුම් කන්දේ එති එති රෑ
මුදු සයනයේ ඔබේ සුවඳ පවා
මට දැනෙනවා මට හැඟෙනවා
ඔබ මං ළඟයි ඔබ මං ළඟයි
කිඳුරියේ.....

නෑ දුරින් දුරට යන්නේ 
හදවතේ ඔබ පමණයි ඉන්නේ
ඔබ මගේමයි ඔබ මගේමයි
මං ඔබේමයි මං ඔබේමයි 
අපි අපේමයි.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.