Lyrics
අපේ සබඳකම් අපේම වරදින්
මියදෙන්නට දී අකාලයේ
හඬා වැටෙන දා පල නැහැ බැණ වැද
හතුරුමිතුරුකම් වලට ලොවේ ....
සමනළ තටුවල සඳ තරු මල් වල
ප්‍රේමය තවරන බොළඳ සිතේ
හමුවී වෙන්වී තනිවී හඬනව
ඇවිදිල්ලා යන සුළඟ වගේ....
හිරු පායන විට දියවී නැති වෙන
ලස්සන පොඩි හිම ගෙවල් වගේ
වැනසී යා නම් මායාවක් ඒ
ප්‍රේමයේ අරුතක් කොහෙද අපේ ....