අපේ පැත්තේapee paeththee

Ape Paththe

Lyrics:
ෆිල් ටීfil tii

Lyrics

අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලී 
ෂේප් එකේ මං මාරු වෙද්දී අස්සේ ගහං මගේ මල් වල සල්ලී
අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලී 
බඩු හංගන්නට මං ළංවෙද්දී මාංචු අතේ මේ මටත් නොදැනී...

පොලිසිය ආවා කොල්ලෝ හැංගුණා
මල් පැකට් ඔක්කොම බංකර් ගැහුවා
තාප්ප පෙරලන් මුඩුක්කු අස්සේ
ෂෝට්කට් වලින් ගැන්සියෝ දිව්වා
අයියෝ බුදු සර් ගහන්ඩ එපා
පරතුරු කම්බි බැටන් මට ආයේ එපා...

විල්බට් ලොක්කගේ කස්ටමර්ස්ලා ටික
කුඩු කරලා සොඳ ගුඩ්ඩක් දීලා
Duty free එකේ පන්නපු බෝතල්
Foreign branded විශියම් බන්ඩල්
පාන් කන අයටත් දෙසියේ සැම්බල්
අපේ hood එකේ jungle function
මැක් ඩෙරි හැන්ඩි මෙන්ඩි ප්ලස් කැන්ඩි
සරක මුල සරණංකර පින්වත්තේ චණ්ඩි
ඇඟ පුරාම පච්චේ මරුවා සමඟ වාසේ
පරාලේ පරාලේ දරුවෝ පාතාලේ
සමාජේ විසයි තනිවම සැපයි
ගින්දර කෑවම අඟුරු පිට කරයි
චණ්ඩි පාතාලේ එකට හැප්පෙයි
වැඩිය දැඟලුවොත් ලොක්කෝ සොක්කෝ වෙයි...

අපේ පැත්තේ මාර සිද්ධි...

අටෙන් පස්සේ වීදි අස්සේ 
මේකප් දාගෙන කෙල්ලෝ බැස්සේ
කැම්ලා ඇන්ඩෘසන් රූහී චවුලා මධුරි ඩික්සිත්ලා
රෙඩ් ලයිට් ෂොට් එක මේ බොලේ
ත්රි  වීල් සෙට් එක බොඩි කිට් ගහනවා
කන පැලෙන්න රැප් සින්දුත් දානවා
නයිට් කඩේ සැර කොත්තුත් ගහනවා
චයිනිස් ඉන්දියන් මොංගෝලියන් 
කයිබා ගියේ නම් ෆ්‍රයිඩ් චිකන්
වණ්ඩිය එළවා කැමා වෙයන් එළ
කාල්වූස්ලා මෙහෙනේ මචන් 
සන්ඩේ සැප ගන්නේ බීච් එකේ
S L K වොච් පානදුරේ බූරු ගහනවා සූදු පොළේ
ආර්ෆියා ආවොත් කල්ලමරේ
ගෑනුන්ගේ කට යක් මවුත් වගේ
ඇඟට ආවෝතින් මාර ලෙඩේ
වලියට බැස්සොත් වෙඩිලි වගේ
මේකයි සූරිය අපේ ගමේ...

අපේ පැත්තේ මාර සිද්ධි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.