Lyrics
ගිලිහී යන ඔබගේ මතකය හරි සොඳුරුයි
නිහඬව සමු දෙන්නම් මේ තනිකම හරි නුහුරුයි
කුමක් කරන්නද මං හිත ඉල්ලන්නෙත් ඔබ නම්
වසන්තයක් යලි ඇවිදින් ඔබ එනවද මාව සොයන්
අපේ ඇස් පින් කරලා ඇති
හිත් පින් කරලා නැති
දැක ගත්තත් දුරින් අපි
එක් වෙන්නට වරම් නැති
රැඳෙන්න අවසර නැතිමුත් ඔබ ලඟ
තාම ආදරෙයි මං
තාමත් ආදරෙයි මං
හොඳම කාලේ මගෙ ජීවිතයට දුන් ඔයාට ඉස්තුත්යි
කරපු ප්‍රර්ථනා නිවැරදි නම් අපි අපේ තමයි ඇත්තයි
වාවගන්න බැරි කඳුලු වැටෙන කොට හිත මගේ නිශ්ශබ්දයි
හැමදාම ඔයා ගැන හිතන්න හිතන්න දුක් විඳින්නේ මමමයි
වෙන් වෙන්න කාරණා නැති තැනක වෙන් වුනු
දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවන
අපේ ඇස් පින් කරලා ඇති....
මාව දෙවැනි කර ඔබට දුන්නේ මම පිරිසිදු ආදරයයි
විනිවිද දකින්න හැකිනම් හදවත එය හැඟවෙයි සත්තයි
අමතක කරන්න හැකිනම් මතකය හිතුනු වාර බෝමයි
හැමදේම දරා ගෙන හුස්ම ගන්න හැටි මටත් මාව පුදුමයි
වෙන් වෙන්න කාරණා නැති තැනක වෙන් වුනු
දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවන
ගිලිහී යන ඔබගේ මතකය....
අපේ ඇස් පින් කරලා ඇති....