අපේ අප්පච්චීapee appachchii

Ape Appachchi

Music:
නලින් නාගොඩවිතානnalin naagodawithaana
Lyrics:
පැලවත්තේ රතනසිරි හිමිpaelawaththee rathanasiri himi

Lyrics

වින්දා නෙක දුක් අපේ අප්පච්චී 
හන්ගා හදවත දුක් ගිනි ඇවිලී 
හින්දා හෙළි කළ මග තොට විත්ති 
(බුදු වූවත් මදි අපේ අප්පච්චී...//)
 
පැලේ සී පද ඇසේවා මට 
රෑ පුරාවට නිදි වරාගෙන 
වනේ දෙවියනි පියා රැකගනු 
මැනවි නිදිමත එන වෙලාවට...
 
අතේ කරගැට නොවී රිදවුම් 
හිරුගෙ රැස් සෙවණක්ම වේවා 
පෙරුම් පුරනා බෝ සතුන් ඔබ 
අප්පච්චි මතු බුදුම වේවා... 

වින්දා නෙක දුක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.