Lyrics
අපේ අම්මා හමුදාවට මාව දුන්නම
මාව බදාගෙන හැඬුවේ මලේ මොකටද
අපේ ගෙදර බලාගනින් මින් ඉදිරියට
රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද
රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද
අප්පච්චි හමුදාවෙන් ඉවත් උණාම
එතන අඩුවක් පිරවෙනවා මමත් ගියාම
පරිස්සමෙන් රට බේරෙන් ආපසු එන්න
දිරිය දියන් නුබේ කඳුළු අතින් තියාන
අපේ අම්මා හමුදාවට මාව දුන්නම..../
මේ කරදර හැකි විගසින් නිමා උණාම
අපිට හැකි හොඳ විදිහට ජීවත් වෙන්න
අම්මා දුන්න මව් කිරි වල ණය බෑ දෙන්න
පුළුවන්නම් නුබත් වරෙන් මාත් එක්කම
අපේ අම්මා හමුදාවට මාව දුන්නම..../