අපේ අම්මාapee ammaa

Ape Amma

Music:
ඩි එම් වීරසිංහdi em wiirasinha
Lyrics:
දඹල්ලගේ කේ බී රත්නායකdhamballagee kee bii rathnaayaka

Lyrics

ගලා තුෂර බිඳු මල් පෙති පොඟවන
පහන් තරුව දම් දොරට වඩින විට 
ගිනිමල දෑතින් තුරුලට අරගෙන
හරඹ  කරනවද අපේ අම්මා......
අපේ කුසේ රළු ගින්න නිවන්නට
හරඹ කරනවද අපේ අම්මා......

ඉර මල අද්දර වත මල පරවී 
කුරහන් සුවඳක මුතු දියවෙන විට
සිත් සුණු මුව තුටු කුසුමින් පුරවා
හරඹ කරනවද අපේ අම්මා......
අපේ අප්පච්චිගේ හොඳ ගුණ රුව ළඟ 
නෙතඟ තෙමනවද අපේ අම්මා.......

අඳුර ගලා එති මරගල කන්දට
රාස්සිගේ අව් රැල්ල වැටෙන විට
වේවැල් පිත්තේ දරුපෙම ලා ගෙන
පැලට වඩිනවද අපේ අම්මා
අපේ කුසේ රළු ගින්න නිවන්නට
පැලට වඩිනවද අපේ අම්මා......

ගලා තුෂර බිඳු......
(හරඹ කරනවද අපේ අම්මා......////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.