Lyrics
වීදියේ අප හැර දමා ගියා අපේ අම්මා
අනාථයෝ වී අසරණ වෙලා අපි දෙන්නා
ගිනි ගෙන දැවෙනා අව්වේ කුසගිනි නිවනා
රෑ සීතලේ ගැහෙමින් කඩපිළි වල උන්නා
(අතැර දමා ගියා අපේ අම්මා.....//)
ඔබ දෙදෙනාගේ අඬදබර මැද අප ජීවත් වුණා
තාත්තා බීමතින් ඇවිදින් අපට වද දුන්නා
ඔබේ ලෙයින් සැදුණු දරුවන් නොවේද අප දෙන්නා
මොන සිතින් දමා ගියේදෝ දස මසක් කුස දරා
දස මසක් කුස දරා.....
වීදියේ අප හැර දමා ගියා අපේ අම්මා.....
අප දැකලා නීතියෙන් දැම්මා පරිවාසේ
අම්මා ළඟ මෙන් සතුටක් නෑ අපේ
දුප්පත් නිවසේ නංගී හඬයි මතකයට නගා
ඔබව හැමතිස්සේ අප එපා නම් මෙලොවට
(බිහි කළේ ඇයි අම්මේ....//)
වීදියේ අප හැර දමා......