අපේ අහිංසක ආදරේapee ahinsaka aadharee

Ape Ahinsaka Adare

Music:
ශාන්ත ජයලත්shaantha jayalath
Lyrics:
ජයසේන බෙලිගලjayaseena beligala

Lyrics

අපේ අහිංසක ආදරේ 
ලොවම එරෙහි වන 
ලොවට වසන් වන 
(අපේ අහිංසක ආදරේ //)

උයන් කොනක හිද සිසිලස විඳිනු බැරී
අවන්හලක ලැග දොඩමළු වන්න බැරි 
පවන්රොදක නැඟ සිහිනෙක වෙළෙනු බැරි
අපේ අහිංසක ආදරේ.....

කීවත් කෙනෙකුට අදහාගන්න බැරි
කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරි
රන්හුය පටලා කෙලවර දකිනු බැරි
අපේ අහිංසක ආදරේ 

අපේ අහිංසක ආදරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.