අපටත් ඉඩක් දෙන්නapatath idak dhenna

Apatath Idak Denna

Lyrics

අපටත් ඉඩක් දෙන්න මේ ලෝකයේ
සතුටින් ලැගුම් ගන්න ළමයින් ලෙසේ//
දහසක් මලින් සුවඳ හදවත් අපේ
විහිදන්න ඉඩ දෙන්න ඒ ලෝකයේ...

සිව් පා සතුන් කුරුලු පැටවුන් බඳු
අවිහිංසකයි ලොවම දරුවන් සතු//
අඳ නෙත් වලින් නොම බලා මින් මතු
උයනක් මවා දෙන්න සිත් මල් කෙරූ...

අපටත් ඉඩක්...

මිනිසත්කමේ මහිම පාඩම් පොතේ
නිදසුන්ම පමණයි ද මිනිසුන් අනේ//
තිදැසක් ලෙසින් දිදුලන මේ දිනේ
හිරු රැස් ලෙසින් එන්න මේ ලෝකයේ...

අපටත් ඉඩක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.