ආපසු ගමන (තේමා ගීතය)aapasu gamana (theemaa giithaya)

Apasu Gamana (Theme Song)

Music:
අමිත් ගුරුamith guru
Lyrics:
මධුක ගුණසේකරmadhhuka gunaseekara

Lyrics

ඒ දඬු පාලාම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක 
(මා පා තුබූ දිනේ...//)
මහ සැඩ සුළඟට උදුරා ගත් ඒ නොනිමි අතීතය
උරුමය ලැබූ දිනේ මා පා තුබූ දිනේ.....

මිණි වැට පැනගෙන සිදාදියට ගිය ගමනේ
ඉලන්දාරි හිත මට අත හැරුණු දිනේ.....
ඒ දඬු පාලාම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක.....

දැනුණි මියෙන්නට මියැකී ගිය ඒ පා සටහන් මත
මගේ පා තැබූ වේලේ 
මහ සැඩ සුළඟට උදුරා ගත් ඒ නොනිමි අතීතය
උරුමය ලැබූ දිනේ මා පා තුබූ දිනේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.