Lyrics
අපරිමාන වූ මිනිසුන් නැති ලොව
අම්මා මෙන් කිසිවකුත් නැති
ඔබේ සෙවණ යට අරුමය අම්මේ
සැණෙකින් ගිනිදැල් නිවෙන හැටි
හසරැල් පුරවා කඳුළැල් වළකා
මගෙ පුංචි ලොව රකිනා හැටි
යහපත්කරුණා දයා ගුණ තමයි
ලේ කිරි කර ඔබ මට පෙව්වේ //
ඒ ගුණ දම් අද ලොවට බෙදමි මං
පතමින් ඔබ මතු සංසාරේ
අපරිමාන වූ ....
සෙත් කවියක් සේ බණ පදයක් සේ
සසල සියලු දේ නිසල කෙරූ
බියක් නොම දැනී යෝධ බල ලැබී
මගෙ අම්මා ළඟ ඉන්නා තුරු //