අපමණක් දුක්apamanak dhuk

Apamana Duk

Music:
මල්කා මල්වාරmalkaa malwaara
Lyrics:
අන්ජුල ප්‍රියන්තanjula priyantha

Lyrics

අපමණක් දුක් උහුලන්නැති
සෙනෙහසේ සුව හඳුනන්නැති
ඔබ මගේ හද චිතකයේ
මගේ පැතුම් ගිනි දල්වන්නැති
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...//

මා ලයේ ඔබ හිස තියා
කී කතාවන් හිත පුරා
ජීවිතේ මගේ උමතුවෙන්
සැරි සරා ඔබ මානයෙන්
දිවි ගෙවන්නට හිත් දෙන්නැති
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...//

එක හිතින් කළ ආදරේ
දෙසිතකින් පිළිගෙන ඔයා
එකම පෙම් හිත ඉටුසේ බෙදා වෙන් කර රහසේ
මටත් ඔහුටත් පුද දුන් හැටි
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...//

අපමණක් දුක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.