අප හමුවුන තැන තනියෙන්apa hamuwuna thaena thaniyen

Apa Hamuwuna Thana Thaniyen

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

අප හමුවුනු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබ හැරගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ.......

කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ.....

මතකේ අපගේ රැදිලා මනසේ 
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ.....

අප හමුවුනු තැන...

පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ.....

අප හමුවුනු තැන...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.