අප එක පෙදෙසකapa eka pedhesaka

Apa Eka Pedesaka

Lyrics

(අප එක පෙදෙසක නිවසන්නේ
නැතුවද ඔබ මා හඳුනන්නේ)..//
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

මා ඔබ පසුපස පියමැන ඇත්තෙමි
ඔබට නොම දැනී
ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙම්
ඔබට නොම දැනී
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ අමතන්නට සිතුවද විටකදි
එයට සිත නොදේ
දවසින් දවසම මගෙ සිතුවිලි පෙළ
ඔබ වටා බැඳේ 
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

අප එක පෙදෙසක .......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.