Lyrics
අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්.......
අප දෙදෙනා දිහා බල බලා......
දුර ඈත දේශේන් මෙහි ආ දිනේදී
මට දී නවාතැන් මේ පුංචි කුටියේ
මට පෑ ඔබේ ආදරේ
නොමැකී තියේ මා හදේ.......
අප දෙදෙනා........
වෙන් වී මෙසේ මා යමි මේ සැඳෑවේ
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා
නික්මී ගියත් මේ ලෙසින්
පිටමං නොවේ ඔබ සිතින්.......
අප දෙදෙනා........