අනුරාගික නෙතු මානේ පිය නගලාanuraagika nethu maanee piya nagalaa

Anuragika Nethu Mane Maharaja Kansa

Lyrics

අනුරාගික නෙතු මානේ පිය නගලා
මන්දාකිනි තරු යායේ සැරි සරලා
සිහින මවනා-දෙනෙත සොයලා
පවන කලතා-හැගුම ගවසා
අහස කලබා-ඔබම සොයනා
දිවිය නොතකා-ඔබම පතනා
ශෘංගාරිය සොයා-මන්දාකිනි ගෙවා
මහාමෙර දවා-ඔබ වෙත ලං වෙමි සදා
මා ඔබෙ දෑතම දරා-ගෙන යමි ලෝකය පුරා
ආදර හී සර යවා-ඔබ වෙත ලං වෙමි සදා
රෑ මැව් හේනය පුරා-ඔබෙ රුව් මා දුටු නිසා
ලෝකය පාමුල තියා-ඔබ වෙත ලං වෙමි සදා

ආශා ලං ලං වේදෝ-සැමදා...
මා ඔබෙ දෑතම දරා....


මගෙ හදවතේ රුව මැවේ-නිල් නෙතු ඇගෙ මට දැනේ
හැගුමන් මැවේ රෑ තුන් යමේ-ඔබ ගැන නිතරම සිතේ
සිතුවිලි මගේ සසල වේ-මල් පිනි වගෙ සුව දැනේ
රිදුමන් නොදේ මතු කිසි දිනේ-ඔබ විනෙතු නිතරම මැවේ....
මා ඔබෙ දෑතම දරා....

ආශා ලං ලං වේදෝ-යන්තම් පාවී
යං යං නේදෝ -සැමදා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.