අනුරාගිනි දෑසේanuraagini dhaesee

Anuragi Dese

Lyrics

අනුරාගිනි දෑසේ
නැලවී හොර රහසේ
ඔය නා දළු පහසේ
කිමිදෙමි මං බෝ සේ
අඳුරේ සීතල නෑ ඉතින් දැනුනේ
තුරුලේ සියොලඟ ගිනිගෙනයි දැවුණේ

කළුවරේ තොල්පෙති දිගේ
මුදු සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ
හිතුමතේ තොල් පෙති උරා
මත්වී ගියා සෙනේ
හාදු දෙන්න නර්ථනාවියේ

සුදු සේලය හුළඟේ
ගිලිහී බිම වැටුණේ
උණුහුම ලද යහනේ
හැඟුමන් හති වැටුනේ
අඳුරේ සීතල නෑ ඉතින් දැනුනේ
තුරුලේ සියොලඟ ගිනිගෙනයි දැවුණේ

කළුවරේ තොල්පෙති දිගේ
මුදු සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ
හිතුමතේ තොල් පෙති උරා
මත්වී ගියා සෙනේ
හාදු දෙන්න නර්ථනාවියේ

දෙසවන පුරා
කොඳුරන කතා
මට පවසන දේ තේරුණා
ඇස්පිය වසා (ඇස්පිය වසා)
කම්මුල් පුරා
දඟකාරකම් විසිරුනා

කළුවරේ තොල්පෙති දිගේ
මුදු සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ
හිතුමතේ තොල් පෙති උරා
මත්වී ගියා සෙනේ
හාදු දෙන්න නර්ථනාවියේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.