අන්තිම සටනේanthima satanee

Anthima Satane

Lyrics

අන්තිම සටනේ හුස්මට සම වී විශ්මිත වූ ගමනේ 
දස්කම් පානා සිංහ පුතුන් ඒ වන්නියේ මහ කැලයේ 
බලාපොරොත්තුව රටට ගෙනල්ලා අත දිග සීමාවේ 
උදා ඉරක් පායයි අභිමානේ ඔබයි දැයක ජීවේ........

ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවී උස් අරමුණක හැටි 
දුක් විඳ සිත්සේ නෑ පසු බැස්සේ මරගුල් වලට ගැටී 
යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිඳී 
එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ.......

ගොඩ දිය ගුවනේ රට වට පවුරේ මුළු විසිහතර පැයේ 
නොනිදන දෙනෙතේ එළියයි සුවසේ යුගයක් එළිය කළේ 
පළඳින දවසේ ලක් මවගේ හිසේ කිරුළක් අතින් ඔබේ 
කරනා සටනේ දහදිය රතු ලේ සුවඳයි හෙටත් රටේ......

අන්තිම සටනේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.