අන්තිම හුස්මට තප්පරයක් පෙර කියන්නanthima husmata thapparayak pera kiyanna

Anthima Husmata Thapparayak

Lyrics

අන්තිම හුස්මට තප්පරයක් පෙර කියන්න 
මාගේ අත අල්ලා
ඉස්සර මතකය යන කිසි තැනකට අරගෙන 
යන්නෙ නෑ කියලා
හුස්මට හුස්මක් ගෑවෙන තරමට ලංවී උන්නත්
අපි දෙන්නා ⁣
නොලැ⁣⁣බෙන සැනසුම ඇස් දෙක පියවෙන 
මොහොතකවත් දෙනවාද සොයාලා

මහදේ පුරා සිටියා කියා හිමි නෑ ඔබෙි
අත කිසිමදා
මා සිත් පුරා සැදු මාලිගා ඇස් ඉදිරියේ 
දෙදරා ගියා
රුදු කාලයේ සිහිනේ පවා රුදුරුයි කියා
මා දන්නවා

අන්තිම හුස්මට තප්පරයක් පෙර කියන්න

අද මං නිසා උහුලන කතා හුරු නෑ කියා 
මං දන්නවා
ඔය ඇස් දිහා අදටත් බලා මම හිත 
ඔබෙි මුනගැහෙනවා
වෙනසක් නොවී සිටියොත් අපි මට නුඔ 
නිසා පවු පිරෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.