අන්සතු වුණත්ansathu wunath

Ansathu Unath

Music:
දෙනුවන් කෞෂකdhenuwan kaushaka
Lyrics:
යසිත් දුල්ෂාන්yasith dhulshaan

Lyrics

වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා
ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා
අන්සතු වුණත් සැණෙකින් ඔයා  වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා.....

කාටවත් වැඩියෙන් ඔබත් ගැලපුනේ මා යැයි කියා
ළං වුණෙත් නොපැතූ ලෙසින් රිදවලා යන්නද ඔයා
අන්සතු වුණත් සැණෙකින් ඔයා  වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා.....

කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා
මියැදුනේ නැතිනම් කලින් මග බලන් මා ඉන්නවා
අන්සතු වුණත් සැණෙකින් ඔයා  වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා.....

වරදක් කියා...../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.