අන්න සුදෝanna sudhoo

Anna Sudo

Music:
S S වේදාs s weedhaa
Lyrics:
හර්බට් M සෙනෙවිරත්නharbat m senewirathna

Lyrics

අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ

ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
රස කෝකිල ගීතේ රාවේනී
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී
පාවේවි කෝමල තාලේනී

මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගේ ළයේ
හා... මාගෙ ළයේ

පූජාසනේ මා ආදරයේහී
මාලිනියේ මා පෙම් සිහිනේ
මාලිනියේ මා පෙම් සිහිනේ
ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ
කීකරු ඔබ කුල භාර්යා වේ

හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ
හා... ආකාස ගැබේ

රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි අද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා
ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා
ආලේ සදාකල් පවතීවා

සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා හා පූජා ප්‍රියේ

අන්න සුදෝ.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.