Lyrics
අන්න බලන් මගෙ පුංචි පුතණ්ඩියෙ
වේදිකාව මත ඔබේ පියා
කෙසෙල් පතුරු සිංහාසනයේ හිඳ
පැයකට දෙකකට රජ වෙලා
අපේ පුංචි රජදහනේ මහ රජු
සටන් කරන්නේ අපි හින්දා
වේදිකාව මත ඔද තෙද පෑවත්
අද රැටත් කෑවද මන්දා
ධීර වීර විකුමැති නරපති මම
කියමින් පර සතුරන් පරදා
අපගේ කුසගිනි නිවන්න පුතුනේ
කුළි වැඩට උදයෙම යනවා