අන්න අන්න මදුරුවෝanna anna madhuruwoo

Anna Anna Maduruwo

Lyrics

අන්න අන්න මදුරුවෝ
මෙන්න මෙන්න මදුරුවෝ//
හැම තැනකම ඉගිලී යන 
නපුරු මදුරුවෝ...//

මොකද මොකද ළමයි අපිට බනින්නේ//
මොන වරදක් කළාද අපි නුඹලා අපිට බනින්නේ//

විෂ දළ ඇති නපුරු සත්තු 
ලේ උරනා නපුරු සත්තු//
නොයෙකුත් ලෙඩ බෝ කරනා 
කමකට නැති නපුරු සත්තු// 
නපුරු මදුරුවෝ...

බෝල වගේ පුංචි ළමයි
හැඩට අඳින පුංචි ළමයි//
මිහිරි හඬින් ගීත ගයන 
හැඩට නටන පුංචි ළමයි//

චී චී යන්න යන්න ඈතට යන්න
චාටු මුලා බස් නොදොඩා ඈතට යන්න...//

දුම් ගහනවා එළවා ගන්න
තෙල් ඉහිනවා එළවා ගන්න
අපේ ගෙවල් කඩා දාලා 
දසවද තිස්එකම දීලා
මොන වරදක් කළාට අපි
කාලා බීලා ඉන්න නොදෙන්නේ...

විෂ දළ ඇති නපුරු සත්තු 
නපුරු මදුරුවෝ
නපුරු නපුරු ළමයි අපිට බනිනවෝ...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.