අඤා මුඤාanaa munaa

Angnaa Mungna (Raini Charuka)

Music:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka

Lyrics

අහස පොළොව පෙනෙන නොපෙනෙන
සියල්ලක් මැවූ දෙවිඳුනි ඔබ මට දුන් දායාදය
අතිරමණීයයි අතිකමනීයයි සුරතල් සිනා සාගරයයි
මුළු ලොවටත් වඩා ආදරෙයි
මේ ගීතය ගයන්නේ ඇයට ඇසෙන්නටයි
ඇගේ සමනල හදවත සතුටු කරන්නටයි
මගේ රයිනි චාරුකා දුවට ඇසෙන්නටයි
 (අඤා මුඤා අඤා මුඤා අඤා මුඤා...///)

මගේ හොඳ පොඩි දුව ටික ටික ලොකු වෙනවා
තාමත් සුරතල් වදනින් සැනසෙනවා
මගේ කුඩා විය මවගේ හැඩරුව 
යළි සිහියට එනවා යළි එනවා 
(අඤා මුඤා අඤා මුඤා අඤා මුඤා...///)

දුව මේ ගී පද මා හා මුමුණනවා
මතු දින ඈ හට මගේ හිත වැටහෙනවා
ඈ මව් පදවිය ලැබූ දිනෙක 
මේ ගීතය සහිවෙනවා යළි මුමුණනවා
(අඤා මුඤා අඤා මුඤා අඤා මුඤා...///)

(අඤා කිච්ච කිච්චම් පොකුණ...///)
(අඤා මුඤා අඤා මුඤා අඤා මුඤා...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.