අංගාර වැසිangaara waesi

Angara Wasi

Music:
රවිහන්ස්rawihans
Lyrics:
සජිත් දිල්පහන්sajith dhilpahan

Lyrics

සැඟවී ගියා සිතු මායිමේ සිත්තම්
බොඳ වී ගියා අප දුටු හීනයන් රන්වන්
මා තනිවුණා ඔබ නැති ලෝකයේ හැඟුමන් 
දුක දී ගියා මට දැන් අහිමි වී මාවත්.....

අංගාර වැසි වැටී රාත්‍රියේ 
මං තාම දැවී දැවී මියැදෙන්නේ
හැමදා හද සොයන්නේ අපි දෙන්නා......

සංසාර නෙක සිඳදා හැමදාට වෙන් වූවා
අවදිවෙන්නෑ ස්නේහයෙන් හැරදමා
හඬනා ජීවිතෙන් මිදුනා
විඳවමින් ඔබ අහිමි වූවා
ලෝකයක් මැවූ ආදරෙන් අපි දෙන්නා.....

වියැකී ගියා හිනැහී ගෙවූ දිවියක්
ගිලිහී ගියා නෙතු රැඳි ජීවයක් නිල්වන්
ඔබ ආයේ එන්නේ නෑනේ දුරු ඈත සැඟවිලා
දුක දී ගියා මට දැන් අහිමි වී මාවත්....

අංගාර වැසි.......
සංසාර නෙක සිඳදා......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.